Gossips

ග්ලයිෆොසෙට් මෙරටට නුසුදුසු බවට මෙතෙක් විද්‍යාත්මකව තහවුරු කර නැහැ – අමාත්‍ය නවින් දිසානායක

ග්ලයිෆොසෙට් ගැටළුව ඇති වු ප්‍රශ්නයක් නොව ඇති කල ප්‍රශ්නයක් බව වැවිලි කර්මාන්ත අමාත්‍යය නවින් දිසානායක පවසනවා.
අමාත්‍යවරයා මේ බව සදහන් කළේ තලවකැලේ තේ පර්යේෂණ ආයතනයේ පැවති උත්සවයකට එක්වෙමින්.
මෙහිදි වැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍ය නවින් දිසානායක කියා සිටියේ ග්ලයිෆොසෙට් භාවිතය සම්බන්ධයෙන් තමන් පිලිගන්නේ කිසිවෙකු විසින් සිදු කරන ප්‍රකාශ නොව විද්‍යාත්මක පර්යේෂණ මට්ටමෙන් තමන් වෙත ලබාදෙන වාර්තා පමණක් බවයි.
එමෙන්ම ග්ලයිෆොසෙට් භාවිතය මෙරටට උචිත නොවන බවට විද්‍යාත්මක පර්යේෂණ මගින් කිසිදු ආයතනයක් තමන් වෙත මේ වන තෙක් කිසිදු වාර්තාවක් ලබාදි නොමැති බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පවසා තිබෙනවා.