ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමඟ අද පැවැති සාකච්ඡාවකින් අනතුරුව අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ දුම්රිය වර්ජනය අත්හිටුවා තිබෙනවා.
දුම්රිය වෘත්තීය සමිති මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබුණේ මීට පැවති පෙර වර්ජනය අවසන් කිරීමේදී බලධාරීන් ලබාදුන් පොරොන්දු ඉටු නොකළ බව පවසමින්.
වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන දුම්රිය රියදුරන්, නියාමකවරුන්, ස්ථානාධිපතිවරුන්, පාලකවරුන් සහ අධීක්ෂණ කළමනාකරණ සේවය නියෝජනය කරන වෘත්තීය සමිති 5ක් අනිද්දා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයේ නිරතවීමට සැලසුම් කර තිබුණා.
ඒ, වැටුප් කොමිසම සමඟ පැවති සාකච්ඡාවෙන් ද ප්‍රතිඵලයක් අත් නොවූ බවට චෝදනා කරමින්.