Gossips

ප්‍රපාතයකට පෙරලුණු බස් රථයේ රියදුරු ගලවාගත් මෙහෙයුම

බදුල්ල – අලුගොල්ල ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් දරුවෙකු මියගොස් තවත් 34 දෙනෙකු තුවාල ලැබුවා.
එම අනතුරෙන් පසුව බස් රථයේ රියදුරු සිරවී සිටි ස්ථානයෙන් ගලවාගත් අවස්ථාවේ දර්ශන සහ අනතුර සිදුවූ ස්ථානයේ ගුවන් දර්ශන පහතින්.

අද උදෑසන සිදුවූ මෙම අනතුරෙන් තුවාල ලැබූවන් බදුල්ල මහ රෝහලට ඇතුළත් කෙරුණු අතර, තුන්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
බදුල්ල ඩිපෝවට අයත් මෙම බස් රථයේ රියදුරා මාර්ගයේ පටු ස්ථානයකදී වෙනත් වාහනයකට ඉඩදීමට යාමේදී බසය පෙරළී ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා.
අනතුරෙන් මියගොස් ඇත්තේ 15 හැවිරිදි දරුවෙකු වන අතර, ඔහු කන්දෙගෙදර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. මොහු අදාළ බස් රථයේ ගමන් කර ඇත්තේ උපකාරක පන්තියකට සහභාගිවීම සඳහා බවයි පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.