Gossips

උඩවලවේ රිය අනතුරකින් සිව්දෙනෙකුට බරපතලයි (ඡායාරූප)

උඩවලව නගරයට ආසන්නයේදී ත්‍රි රෝද රථයක් සහ මෝටර් රථයක ගැටීමෙන් සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් 7 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ සිව්දෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි අප වාර්තාකරු පැවසුවේ.
අද (27) සවස 5.30ට පමණ මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
අනතුර පිළිබඳ උඩවලව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – ඇඹිලිපිටිය සුනිල් හරිස්චන්ද්‍ර)