Gossips

ජිනිවා මානව හිමිකම් මණ්ඩලයට, ශ්‍රී ලංකාව ගැන වාර්තා දෙකක්

මෙවර ජිනිවා මානව හිමිකම් මණ්ඩල සැසි වාරය සඳහා ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තා දෙකක් ඉදිරිපත් කෙරෙනවා.
අත්තනෝමතික රදවා ගැනීම් පිළිබඳ මානව හිමිකම් මණ්ඩල ක්‍රියාකාරී කණ්ඩායම ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සකස් කළ වාර්තාව ඉන් පළමුවැන්නයි.
ඊට අමතරව සත්‍යය, යුක්තිය, සාධාරණත්වය හා ගැටුම් වැළැක්වීම ප්‍රවර්ධනය සඳහා වූ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්‍රීෆ් ගේ ශ්‍රී ලංකා සංචාරය අලලා සකස් කළ වාර්තාවක් ද ඊට ඉදිරිපත් කෙරෙනවා.
ඔහුගේ ලේකම් කාර්යාලය සකස් කළ එම වාර්තාවට සත්‍යය, යුක්තිය, සාධාරණත්වය සහ ගැටුම් යළි ඇතිවීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර පිළිබදව යාවත්කාලීන තොරතුරු ඇතුළත් වනු ඇති.
පසුගිය වසරේ සිදුකළ ශ්‍රී ලංකා සංචාරය අවසානයේදී ජගත් සංවිධාන විශේෂ නියෝජිතයා ප්‍රකාශ කළේ සංක්‍රාන්ති යුක්තියේ ප්‍රතිලාභ සියළු ශ්‍රී ලාංකිකයන්ට මෙතෙක් හිමි වී නොමැති බවයි.
කෙසේ නමුත්, මෙරට අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම පිළිබඳ ඔහු සිය ප්‍රසාදය පළ කළා.
ජිනිවා මානව හිමිකම් මණ්ඩලයේ 39 වැනි සැසිවාරය සැප්තැම්බර් 10 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතයි.
මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටළුව එහිදී සාකච්ඡාවට ලක්වන තවත් ප්‍රධාන මාතෘකාවක්.