Gossips

අඹුසැමි යුවළ 41ක් රජයේ වියදමින් යුගදිවියට (ඡායාරූප)

යාපනය ප්‍රදේශයේ නීතියෙන් විවාහ නොවී සිටි අඹුසැමි යුවළ 41 රජයේ වියදමින් අද (27) නීත්‍යානුකූළ විවාහ දිවියට ඇතුලත් කළ බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසනවා.
ඒ යාපනය මරුතංකේණි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවතී උත්සවයකදීයි.
පසුගිය දින හතරක කාලය තුලදී ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ නිල මෙහෙවර යටතේ විවාහ දිවියට ඇතුලත් වූ අඹුසැමි යුවළ සංඛ්‍යාව 79ක්.
මෙහි අදහස් දැක්වූ ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන කියා සිටයේ දීර්ඝකාලයක් යුද්ධයට මුහුණ දී තිබූ උතුරු ප්‍රදේශවල නීත්‍යානුකූළව විවාහ නොවූ නමුත් දරුවන් පවා සිටින අඹු සැමියන් විශාල පිරිසක් සිටින බවයි.