Gossips

කරාපිටියේ විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකට එරෙහිව පැමිණිල්ලක්

කරාපිටිය ශික්ෂණ රෝහලේ ඇතැම් විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් එල්ල වන බාධාවන් සම්බන්ධයෙන් සෞඛ්‍ය බළධාරින් වෙත පැමිණිලි කළ බව රජයේ වෛද්‍ය නිළධාරින්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි කරාපිටිය ශාඛාවේ සම ලේකම් වෛද්‍ය මංජුල ද සොයිසා මේ බව කියා සිටියේ රෝහල තුළ පිහිටි වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ රථවාහන ගාල් කරන ස්ථානයක් විශේෂඥ වෛද්‍යවරුන් පිරිසකට සීමා කරන ලෙස ඉල්ලා ප්‍රදර්ශනය කර තිබු දැන්වීමක් සම්බන්ධයෙන් අදහස් පළ කරමින්.