ප්රදේශ 3 කදී හෙරොයින් ජාවාරමේ නිරතවූ පුද්ගලයින් පස්දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. 
බදුල්ල – බුළුපිටිය ප්රදේශයේදී හෙරොයින් ග්රෑම් 10 කට ආසන්න ප්රමාණයක් සමඟ පුද්ගලයින් තුන්දෙනෙකු ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා. 
එමෙන්ම හෙරොයින් ග්රෑම් 3 කට ආසන්න ප්රමාණයක් සමඟ 29 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවේ බොරැල්ල ප්රදේශයේදියි. 
ගල්කිස්ස ප්රදේශයේදීද හෙරොයින් ග්රෑම් 3 කට ආසන්න ප්රමාණයක් සමඟ 32 හැවිරිදි පුද්ගලයෙකු පොලීිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.



