Gossips

16 ට තැනක් නැහැ – චන්ද්‍රානි කියයි

සම්මුතිවාදි ආණ්ඩුව තුළ කටයුතු කරන නිදහස් පක්ෂයේ සෙසු මන්ත්‍රීවරුන්ටද ආණ්ඩුවෙන් ඉවත් වීමට කාලය එළඹ ඇති බව පාර්ලිමේන්තු සුසිල් ප්‍රේමජයන්ත ප්‍රකාශ කළා.
මන්ත්‍රීවරයා මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනහමුවකට නුගේගොඩදී ඊයේ එක්වෙමින්.
කෙසේ වෙතත් ආණ්ඩුවෙන් ඉවත් වු නිදහස් පක්ෂයේ 16 කණ්ඩායම මේ වන විට විහිළුකාරයන් බවට පත්ව ඇති බව ඇමතිනි චන්ද්‍රානි බණ්ඩාර පවසනවා.
අනුරාධපුර – ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා.
මේ අතර ඊයේ පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජන හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී විදුර වික්‍රමනායක කියා සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් ඉදිරියේදී ජනතාවාදී ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන බවයි.