Gossips

බදුල්ලේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළී අනතුරක්

බදුල්ල – අලුගොල්ල ප්‍රදේශයේදී අද (27) උදෑසන ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරලීමෙන් එහි ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 27 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
තුවාලකරුවන් මේ වනවිට ප්‍රතිකාර සදහා බදුල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකු අසාධ්‍ය තත්වයේ පසුවන බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කන්දෙගෙදර සිට බදුල්ල දක්වා ධාවනය වෙමින් තිබූ බස් රථයක්.

බදුල්ල – පාලිත ආරියවංශ