Gossips

ජාතික ආණ්ඩුව නැත්නම්, ඒකාබද්ධයේ කොන්දේසි විරහිත සහය ජනපතිට

ජාතික ආණ්ඩුවෙන් ඉවත් වන්නේ නම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් බිහිකිරීම සඳහා කොන්දේසි විරහිතව සහය ලබා දෙන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
නාරාහේන්පිට – අභයාරාම විහාරස්ථානයේ අද පස්වරුවේ බෝධිපූජා පිංකමකට සහභාගි වීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමිනුයි හිටපු ජනාධිපතිවරයා මේ බව සදහන් කළේ.
මේ අතර, ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සහ හිටපු ජනාධිපතිවරයා අතර අද සාකච්ඡාවක් ද පැවැත්වුණා.