Gossips

නව හැවිරිදි දරුවාට අතවර කළ තරුණයාට වැඩ වරදි

පාන් ගෙන ඒම සඳහා වෙළෙඳ සැලකට ගිය 9 හැවිරිදි පිරිමි දරුවකු යතුරුපැදියක නංවාගෙන පාළු ඉඩමකට ගෙන ගොස්‌ ලිංගික අතවර කළ බව කියන 22 හැවිරිදි තරුණයකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අවුරුදු නවයක දරුවකු නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම හා ලිංගික අතවර කිරීම යන කරුණු මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
බේරුවල පොලිස්‌ ස්‌ථානාධිපති ජනක විතානගේ ගේ උපදෙස්‌ මත අපරාධ විමර්ශන අංශයේ හා ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වනවා.
සැකකරු කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.