Gossips

තුන්වන ඉන්දීය සාගර සමුළුව අද වියට්නාමයේදී ඇරඹෙයි

තුන්වන ඉන්දීය සාගර සමුළුව වියට්නාමයේ හැනෝයි නුවරදී අද ආරම්භවනවා.
මෙවර සමුළුවේ තේමාව වන්නේ කලාපීය නව හැඩතල ගොඩනැංවීම යන්නයි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මෙම සමුළුව ඇමතීමට නියමිතව ඇත්තේ අද පස්වරුවේදියි.
ඉන්දීය සාගර කලාපයේ මූලෝපායික සහ ආර්ථික වැදගත්කම ගැඹුරින් අවබෝධ කරගනිමින් ආරක්ෂාව, වෙළඳ සහ වානිජ කටයුතු මෙන්ම යහපාලනය සඳහා සාමූහිකව කටයුතු කිරීම පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ගැනෙනවා.