Gossips

චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයේ අයහපත් කාලගුණයෙන් 14 දෙනෙකු ජීවිතක්ෂයට

චීනයේ ෂැන්ග්ඩොන්ග් ප්‍රාන්තයට මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.
ඉන් වැඩිම හානියක් සිදුව ඇත්තේ ෂාගුවාන් ප්‍රදේශයටයි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 14 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.
ෂාගුවාන් ප්‍රදේශයේ ඇතිවූ ජලගැල්ම හේතුවෙන් එළවළු වගා බිම් විශාල ප්‍රමාණයක් හානියට පත්ව ඇති අතර, ඉන් යුවාන් බිලියන 10 ක පාඩුවක් සිදුව ඇති බවටයි තක්සේරු කර ඇත්තේ.