මැතිවරණ ක්‍රමයේ සංශෝධන සිදුකරමින් මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයක රජය නිරත වන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරනවා.
කොළඹ අද (26) කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ කියා සිටියේ සීමානිර්ණ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජය වීම ද මැතිවරණ කල් දැමීමේ කුමන්ත්‍රණයක තවත් එක් ප්‍රතිඵලයක් බවයි.