Gossips

කිඹුලාවල ජලාශය ගැන බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යාංශයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ජයවර්ධනපුර – ජපන් මිත්‍රත්ව පාර අසළ කිඹුලාවල ජලාශය ආශ්‍රිතව මේ දිනවල සිදුවන සංවර්ධන කටයුත්ත ජලාශයේ ඉවුර ගොඩ කිරීමක් නොවන බව බස්නාහිර සහ මහනගර සංවර්ධන අමාත්‍යාංශය පවසනවා.
පෞද්ගලික ආයතනයක ධන පරිත්‍යාගයකින් හා තාක්ෂණික දායකත්වයකින් යුතුව බෞද්ධ විනය කර්ම සඳහා අවශ්‍ය සීමා මාලකයක් ඉදිකිරීමේ කටයුතු එහි සිදුකෙරෙන බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
මෙම විශේෂ සීමා මාලකය ජලාශය මත පාවෙන ව්‍යුහයක් සේ සකස් කිරීමට මීට පෙර සැලසුම් කර තිබුණ ද තාක්ෂණික බාධා හේතුවෙන් එය සාමාන්‍ය සීමා මාලකයක් ලෙස රැදවීමට තීරණය කර ඇති බව සඳහන්.