Gossips

ප්‍රතිසංස්කරණය කළ රන් වියන ජනපති විවෘත කරයි

ශ්‍රී දළදා මාළිගාවේ ප්‍රතිසංස්කරණය කරන ලද රන් වියන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් අද පෙරවරුවේ විවෘත කරනු ලැබුවා.
මෙම රන් වියන අලූත්වැඩියාව පසුගිය වසරේ ඔක්තෝම්බර් මස ආරම්භ කෙරුණු අතර, ඒ සඳහා ජනාධිපති අරමුදලෙන් රුපියල් මිලියන 45 ක් වැය කර තිබෙනවා.
වර්ග අඩි 3450 කින් යුත් මෙම රන් වියන ප්‍රතිසංස්කරණයට ලක් කෙරුණේ වසර 16 කට පසුවයි.
අස්ගිරි සහ මල්වතු මහනායක ස්වාමීන් වහන්සේලාගේ සහ ශ්‍රී දළදා මාළිගාවේ දියවඩන නිලමේවරයාගේ ඉල්ලීම පරිදි මෙම අලූත්වැඩියා කටයුතු සඳහා ප්‍රතිපාදන ලබාදී තිබෙනවා.