Gossips

ඉරාන භූ කම්පනයෙන් 200 කට තුවාල

බටහිර දිග ඉරානයේ කෙර්මන්ෂා ප්‍රදේශයේ අද (26) රික්ටර් පරිමාණයේ 6 ක ප්‍රබලතාවකින් යුත් භූ කම්පනයක් සිදුවුණා.
ඉරාක දේශසීමාව ආසන්නයේ සැතපුම් 6 ක් පමණ ගැඹුරෙන් සිදුවී ඇති මෙම භූ කම්පනය ඉරාකයේ බැග්ඩෑඩ් නුවරටද දැනුණු බව සඳහන්.
භූ කම්පනයෙන් ඉරාන පාර්ශවයේ අවම වශයෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් 200 ක අධික පිරිසක් තුවාල ලැබුවා.