Gossips

පාකිස්ථාන ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා ඇතුළු රජයේ නිලධාරීන්ට තහනමක්

ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරයා සහ සියලු රජයේ නිලධාරීන් රජයේ මුදලින් කෙරෙන සියලු ගුවන් ගමන් වලදී පළමු පන්තියේ ගුවන් ගමන් තහනම් කිරීමට පාකිස්ථාන නව ආණ්ඩුව තීරණය කර තිබෙනවා.
එරට නව අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ නායකත්වයෙන් යුතු කැබිනට් මණ්ඩලය රැස්වූ අවස්ථාවේදී එම තීරණය ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
පාලකයින්ට සහ නිලධාරීන්ට අභිමත පරිදි රාජ්‍ය මුදල පරිහරණය කිරීම තහනම් කිරීමට ද එම කැබිනට් හමුවේදී තීරණය වී ඇති බව සඳහන්.
පසුගිය සතියේදී පාකිස්ථානයේ නව අග්‍රාමාත්‍යවරයා ලෙස ඉම්රාන් ඛාන් දිවුරුම් දුන් අතර එහිදී රාජ්‍ය වියදම් සීමාකර, අනවශ්‍ය වියදම් කපාහරින ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව ඔහු ප්‍රකාශ කළා.
ඉම්රාන් ඛාන් තම කාර්ය මණ්ඩලය අඩු කරන බවට ද ප්‍රකාශකර ඇති අතර නිල නිවාසවල සිටීම ද ප්‍රතික්ෂේප කර තිබෙනවා.