Gossips

දෙණිපිටියේ ලක්ෂ දොළහේ කොල්ලයට 3 ක් අත්අඩංගුවට

මාතර – වැලිගම – දෙනිපිටිය කනිෂ්ඨ විද්‍යාලය ආසන්නයේදී ව්‍යාපාරිකයෙකු සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට සැකපිට පුද්ගලයන් තුන්දෙනෙකු දෙණිපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත්තා.
පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත් මෙම පිරිස සන්තකයේ තිබී යතුරුපැදියක්, ජංගම දුරකථන තුනක්, සහ සොරාගත් රුපියල් 40,000 ක මුදලක් සොයාගෙන ඇති බව සඳහන්.
එමෙන්ම ඔවුන් සන්තකයේ තිබී හමුදා නිල ඇඳුම්වලට සමාන ඇඳුම් කිහිපයක්ද සොයාගත් බවයි පොලිස් විශේෂ කාර්ය බලකාය ප්‍රකාශ කළේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 22, 25 සහ 28 හැවිරිදි වයස්වල පසුවන දෙණිපිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් වන අතර, මෙම කොල්ලකෑම සිදුකර තිබුණේ පසුගිය 22 වනදායි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා වැලිගම පොලීසියට භාරදී තිබෙනවා.