Gossips

යෝධ වැවේ ගිලී අවුරුදු 9 ක දරුවෙකු මියයයි

තිස්සමහාරාම – යෝධ වැවේ ගිලී වයස අවුරුදු 9 ක පිරිමි දරුවෙකු මියගොස් තිබෙනවා.
දියතලාව අලූත්ගම්මානය ප්‍රදේශයේ සිට කතරගම වන්දනාවේ පැමිණි පිරිසක් සමඟ සිටි මෙම දරුවා ඊයේ පස්වරුවේ එම ස්ථානයේ දිය නාමින් සිටියදී මෙම අනතුර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
දියේ ගිලූණු දරුවා ප්‍රදේශවාසීන්ගේද සහය ඇතිව බේරාගෙන දෙබරවැව රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මේ අතර ගාල්ල – කොටුව අසළ මුහුදේ් දිය නෑමට ගිය පුද්ගලයෙකු ඊයේ පස්වරුවේ ජීවිතක්ෂයට පත්වුණා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 38 ක් වන පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලීසිය සඳහන් කළේ.