Gossips

ඕස්ට්‍රේලියානු ‘‘කකාඩු’’ නාවික අභ්‍යාසයට ශ්‍රී ලංකාවත්

ඕස්ට්‍රේලියාවේ පැවැත්වෙන කකාඩු ඒකාබද්ධ නාවික අභ්‍යාසය සඳහා ශ්‍රී ලංකාවද එක්වනවා.
රාජකීය ඕස්ට්‍රේලියානු නාවික හමුදා ට්විටර් ගිණුමේ දැක්වෙන්නේ ඒ සඳහා ශ්‍රී ලංකාව, මැලේසියාව ඇතුලූ රටවල් 27 ක නෞකා 23 ක්, ගුවන් යානා 21 ක් සහ නාවික භටයන් 3,000 ක් සහභාගිවන බවයි.
කකාඩු කලාපයේ පැවැත්වෙන විශාලතම ජාත්‍යන්තර මුහුදු සහ ගුවන් අභ්‍යාසය ලෙසයි එමඟින් හඳුන්වාදී ඇත්තේ.
ඒ සඳහා සහභාගිවන ශ්‍රී ලංකා නාවික ඛණ්ඩය පසුගිය 20 වනදා ත්‍රිකුණාමලය වරායෙන් ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් තිබෙනවා.
ඊට නිලධාරීන් 26 දෙනෙකු සහ නාවිකයන් 124 දෙනෙකු ඇතුලූ 150 දෙනෙකු ඇතුළත් වන අතර, ඔවුන් සිඳුරළ නෞකාව ලබන බදාදා ඕස්ට්‍රේලියාවට ළඟාවීමට නියමිතයි.
අගෝස්තු 30 වනදා සිට සැප්තැම්බර් 15 වනදා දක්වා ඩාවින් වරාය කේන්ද්‍ර කොටගෙන උතුරු ඕස්ට්‍රේලියානු මුහුදු තීරයේ මෙම නාවික අභ්‍යාසය පැවැත්වෙනු ඇති.