Gossips

පැරණි ක්‍රමයට පළාත් සභා ඡන්දය තියන්නත් තුනෙන් දෙකක් අවශ්‍ය බව ඇමති ෆයිසර් කියයි

පළාත් සභා මැතිවරණය මනාප ක්‍රමයට පවත්වන්නේ නම් පවතින පනත යළි සංශෝධනය කර පාර්ලිමේන්තුව තුළ තුනෙන් දෙකකින් සම්මත විය යුතු බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා පෙන්වා දෙනවා.
මේ අතර, වර්තමාන රජය තවදුරටත් මැතිවරණ කල් දමන්නේ නම් ඒ පිළිබදව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවේදී පරාජයට පත්වීම සහ ඒ තුළින් පළාත් සභා මැතිවරණය කල් යාම පිළිබදව හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මේ බව කියා සිටියා.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන හෝමාගම ප්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ සීමානිර්ණ කමිටු වාර්තාව පරාජයට පත්වීමත් සමග විෂය භාර අමාත්‍යවරයා ඉල්ලා අස්විය යුතු බවයි.
කෙසේ වෙතත්, හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා කියා සිටියේ වර්තමාන රජය, පසුගිය රජය මෙන් නොව කමිටු වාර්තාව සකස් කිරීම සම්බන්ධයෙන් කිසිදු දේශපාලන මැදිහත්වීමක් සිදු නොකළ බවයි.