පොලිස්පතිවරයාගේ නියමයෙන් ඊයේ රාත්‍රී 9 සිට අද උදෑසන 8 දක්වා දිවයින පුරා සිදුකරන ලද විශේෂ මෙහෙයුමකදී විවිධ වැරදිවලට සම්බන්ධ පුද්ගලයින් 3099 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම, එහිදී රථ වාහන නඩු 4967 ක් ද ලබා ගැනීමට හැකිවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර කියා සිටියේ.
මෙම මෙහෙයුමේදී බීමත් රියදුරන් 653 ක්, වරෙන්තුකරුවන් 700 ක්, විවිධ අපරාධ සඳහා අවශ්‍ය සැකකරුවන් 842 ක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
හෙරොයින් සහ නීති විරෝධී මත්පැන් සමග සැකකරුවන් 828 ක් සහ විවිධ දුෂණ ක්‍රියා සම්බන්ධයෙන් ද සැකකරුවන් 72 ක් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ.
බලපත්‍ර නොමැති ගිනි අවි සමග පුද්ගලයන් 4 දෙනෙකු ද අත්අඩංගුවට පත්ව තිබෙනවා.
සමස්ත දිවයිනම ආවරණය වන පරිදි සිදු කළ මෙම මෙහෙයුමට එක්වු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 13870 ක්.