Gossips

කේරළයේ ගංවතුරට හේතුව හෙළිවේ

සියවසකින් ඇති වූ දරුණුතම ජල ගැල්මට මුහුණදුන් දකුණු ඉන්දියාවේ කේරළ ප්‍රාන්තය එම තත්ත්වයට ගොදුරු වූයේ කාලගුණ වෙනසේ බලපෑම හේතුවෙන් බවට ඉන්දීය කාලගුණ විද්‍යාඥයන් හෙළිදරව් කර තිබෙනවා.
ඔවුන් පෙන්වා දී ඇත්තේ ගෝලීය උණුසුම ඉහළ යාම අඛන්ඩව සිදුවුවහොත් මීට වඩා දරුණු කාලගුණ විපත්වලට මුහුණදීමට සිදුවනු ඇති බවයි.
කේරළයේ ගංවතුරෙන් පුද්ගලයන් 400 කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්වූ අතර, දහතුන් ලක්ෂයක් ජනයා අවතැන් වුණා.
ඉන්දීය කාලගුණ විද්‍යාඥ රොක්සි මැතිව් කෝල් කියා සිටියේ 1950 සිට 2017 දක්වා කාලය තුළ දැඩි වර්ෂාපතනය තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බවයි.
එම කාලය තුළ 69,000 ක් ඉන්දියානුවන්ගේ ජීවිත අයහපත් කාලගුණයට ගොදුරු වූ අතර, අවතැන්වූ සංඛ්‍යාව එක්කෝටි හැත්තෑ ලක්ෂයක්.