Gossips

විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධියේ කමිටු වාර්තාව පිළිගත නොහැකියි

බදුල්ල – දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණගැස්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඌව පළාත් ආණ්ඩුකාරවරයාගේ නියෝගය මත පත් කළ කමිටුවේ විමර්ශන වාර්තාව පිළිගත නොහැකි බව ලංකා ගුරු සේවා සංගමය පවසනවා.
එහි ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ කළේ එම වාර්තාවේ අදාළ සිදුවීම, සිදුනොවූ බවට සඳහන්ව ඇති බවයි.
බදුල්ල – දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය චාමර සම්පත් දසනායක ඇයට තර්ජනය කොට දණගැස්වූ බවට චෝදනා එල්ල වුණා.