Gossips

චීනයේ හෝටලයක ගින්නකින් 18 දෙනෙකු ජීවිතක්ෂයට

චීනයේ උතුරෙන්ම පිහිටි හෙයිලොං – ජියැං ප්‍රාන්තයේ අගනුවර වන හාර්බින් හි හෝටලයක අද සිදුවූ ගින්නකින් පුද්ගලයන් 18 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
අද අලූයම සිදුවූ මෙම ගින්නෙන් අනතුරට පත් පුද්ගලයන් බේරා ගැනීමේ ජීවිතාරක්ෂක මෙහෙයුම් පැය කිහිපයක් ක්‍රියාත්මක වුණා. ගින්නට හේතුව පරීක්ෂා කරමින් පවතින බවයි චීන බලධාරීන් ප්‍රකාශ කළේ.
මෙම හෝටලය පිහිටා ඇත්තේ චීනයේ හිම ක්‍රීඩා සහ උණුදිය ළිං හේතුවෙන් සංචාරකයන් අතර ප්‍රචලිත ප්‍රදේශයකයි.