Gossips

කල්පිටියේදී කේරළ ගංජා ප්‍රවාහනය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට

කල්පිටිය ප්‍රදේශයේදී කේරළ ගංජා ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු, පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කේරළ ගංජා කිලෝග්‍රෑම් 8යි ග්‍රෑම් 281ක් අඩංගු පාර්සල් 4ක් පොලිස් භාරයට ගනු ලැබුවා.
41 හැවිරිදි මොහු නොරොච්චෝලේ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන අතර කේරළ ගංජා ප්‍රවාහනය කළ ලොරි රථය ද තම භාරයට ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
එමෙන්ම කොළොන්නාව ප්‍රදේශයේදී කොළඹ අපරාධ කොට්ඨාශය සිදුකළ විශේෂ වැටලීමකදී ගංජා කිලෝ 10ක් සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු 43 හැවිරිදි දෙහිවල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.