Gossips

‘කුඩු සුරේන්’ ඝාතනය කළ ‘ලක්ෂ්මන්’ කොට්ටාවේදී එස්.ටී.එෆ්. අත්අඩංගුවට

2010 වසරේ නුගේගොඩ ගුවන් පාලම අසළ දී කුඩු සුරේන් නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ හර්බි ලක්ෂ්මන් නැමැත්තා පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ පස්වරුවේ අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ, කොට්ටාව ප්‍රදේශයේදියි. සැකකරු ළඟ තිබී හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 200ක් සහ රුපියල් 45,000ක මුදලක් ද පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සොයාගෙන ඇති බව සඳහන්.
පසුව ඔහු වැඩිදුර විමර්ශන සඳහා කොට්ටාව පොලීසිය වෙත භාර දී තිබෙනවා.