Gossips

ශ්‍රී ලංකාවට 194 ක ඉලක්කයක්

බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු 20 යි 20 තරගය ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට ලකුණු 194 ක ඉලක්කයක් හිමිව තිබෙනවා.
ඩකාහිදී පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් බංග්ලාදේශය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 193ක් ලබාගත්තා.
ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට ප්‍රබල අභියෝගයක් වූ සෞම්ය සර්කාර් පන්දු 32 කින් ලකුණු 51 ක් ලබාගත්තා.
ඔහු දැවී ගියේ ජීවන් මෙන්ඩිස්ගේ පළමු පන්දු වාරයේ පළමු පන්දුවෙන්.
දැවී යාමත් සමග ආබාධයකට ලක්වු සෞම්ය සර්කාර් ක්‍රීඩාකාරයට පිටත්ව ගියේ අතිරේක ක්‍රීඩකයන්ගේ සහයෙන්.
මහමුද්ල්ලා ලකුණු 43 ක් ලබාගත්තා. සබීර් රහ්මන්ට ලබාගත හැකි වුයේ එක් ලකුණක් පමණයි.
ජීවන් මෙන්ඩිස් කඩුලු 2 ක් බිඳහෙලුවා.
මුශ්ෆිකර් රහීම් නොදැවී 66 යි.
ශ්‍රී ලංකා පිළිතුරු ඉනිම තවත් සුලු වේලාවකින් ආරම්භ වීමට නියමිතයි.