Gossips

10 හැවිරිදි දිරියක් කෙළෙසූ අයෙක් පොලිස් දැලේ

රක්වාන, ගංගොඩවත්ත ප්‍රදේශයේදී වයස අවුරුදු 10ක දැරියකට බරපතළ ලිංගික අතවරයක් කළ පුද්ගලයකු ඊයේ (23) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රක්වාන පොලිසිය මඟින් අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරු 54 හැවිරිදි වියේ පසුවන එම ප්‍රදේශයේම පදිංචි අයෙක් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අත්අඩංගුවට ගැනුණු සැකකරු රක්වාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 29 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝගකර තිබෙනවා.
දැරියගේ නිවස අසල පිහිටි සැකකරුගේ නිවසට ඇය ගිය අවස්ථාවක සැකකරු විසින් දැරියට බරපතළ ලිංගික අතවර සිදුකර ඇති අතර අදාල සිදුවීම දැරිය විසින් අයගේ මව් පියන්ට පවසා ඇති බව සඳහන්.
අනතුරව දැරියගේ මව්පියන් විසින් පොලිසියට කළ පැමිණිල්ලකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.