Gossips

ඒකාබද්ධයේ පළාත් සභා මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිසම ඉදිරිපිට විරෝධතාවක

පළාත් සභා මැතිවරණය කඩිනමින් පවත්වන ලෙස ඉල්ලමින් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් අද (24) මැතිවරණ කොමිසම ඉදිරිපිට විරෝධතාවයක නිරත වුණා.
ඊට පළාත් සභා සහ පළාත් පාලන ආයතන නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙන්ම පාක්ෂිකයන් පිරිසක් ද එක්ව සිටි බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
අනතුරුව එම ස්ථානයට මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැමිණ විරෝධතාවයේ නිරත මන්ත්‍රීවරුන් හට සාකච්ඡාවක් ලබාදීමට කටයුතු කළා.
අනතුරුව විරෝධතාවයේ නිතර වූ මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර සිටියේ එම සාකච්ඡාව අසාර්ථක වූ බවයි.