Gossips

ගෝඨාභය ඇතුළු 7 දෙනෙකුට විශේෂ මහාධිකරණයේ නඩු පවරයි

ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාරය ඉදිකිරීමේදී රාජ්‍ය මුදල් අවභාවිත කළ බවට වන චෝදනාවට අදාළව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු 07 දෙනාට එරෙහිව නීතිපතිවරයා විසින් විශේෂ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබෙනවා.
ඒ, අනුව එය විශේෂ මහාධිකරණය හමුවේ විභාග කෙරෙන දෙවන නඩු කටයුත්තයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් නිකුත් කළ නොතිසී අවලංගු කර, එය ආපසු කැඳවීමට ද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක ඊයේ නියෝග කර තිබුණා.