Gossips

අකුරැස්ස ප්‍රදේශයේ කැලෑවකින් නරක්වූ පිරිමි මළ සිරුරක් හමුවෙයි

අකුරැස්ස – කියාන්ඩුව ප්‍රදේශයේ කැලෑවක තිබී පිරිමි මළ සිරුරක් සොයාගෙන තිබෙනවා.
ඊයේ(14) පස්වරුවේ පොලිස් හදිසි ඇමතුම් අංකයට ලැබුණු තොරතුරකට අනුවයි මෙම මළ සිරුර සොයාගෙන ඇත්තේ.
හඳුනාගැනීමට නොහැකිවන ආකාරයෙන් මෙම මළ සිරුර නරක්වී වීම නිසා මොහු මියගිය ආකාරය සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ කරගැනීමට නොහැකිවී ඇති බව පොලීසිය සඳහන් කළා.
මෙම මළ සිරුර මාතර මහ රෝහල වෙත ගෙනගොස් ඇති අතර, අද(15) එහි පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකිරීමට නියමිතයි.