Gossips

සෞඛ්‍යාරක්ෂිත මත්පැන් නොමැති බව තහවුරුවේ

ලොව කිසිදු මත්පැන් වර්ගයක සෞඛ්‍යාරක්ෂිත මට්ටමක් නොමැති බව ලොව වඩාත් පැරණිතම සහ කීර්තිමත් ලැන්සෙට් වෛද්‍ය සඟරාව පැවැත්වූ අධ්‍යයනයකින් තහවුරු වී තිබෙනවා.
1990 සිට 2016 වසර දක්වා රටවල් 195 ක මධ්‍යසාර භාවිතය සහ සෞඛ්‍යමය බලපෑම් පිළිබඳව සිදුකළ අධ්‍යයනයකින් අනතුරුවයි මෙම වාර්තාව සකසා ඇත්තේ.
එහිදී කිසිදා මත්පැන් පානය නොකළ පුද්ගලයන් දිනකට එක් මත්පැන් වීදුරුවක් භාවිත කරන අය හා සසඳා ඇති අතර, එහිදී හෙළිදරව් වී ඇත්තේ ලක්ෂයක් අතුරෙන් 914 දෙනෙකුට මත්පැන්වලට සම්බන්ධ පිළිකා හෝ වෙනත් රෝග ඇතිවන බවයි.
දිනකට දෙවරක් මත්පැන් පානය කරන පුද්ගලයන් සැලකූ විට එම තත්වය තවත් සියයට 7 කින් වර්ධනය වන අතර, දිනකට මත්පැන් වීදුරු 5 ක් පානය කරන පුද්ගලයන් සැලකූ විට එය තවත් සියයට 37 කින් වර්ධනය වන බව හෙළි වී තිබෙනවා.