Gossips

වැටුප් කොමිසම සහ දුම්රිය වෘත්තීය සමිති අතර සාකච්ඡා එකඟතාවකින් තොරව අවසන්

දුම්රිය වෘත්තීය සමිති සහ ජාතික වැටුප් කොමිසම අතර අද පැවති සාකච්ඡාව එකඟතාවකින් තොරව අවසන් වී තිබෙනවා.
වැටුප් කොමිසමේදී පැවති සාකච්ඡාවට එහි සභාපති කේ.එල්. විජේරත්න ඇතුළු නිලධාරීන් පිරිසක් සහ දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් එක්ව සිටියා.
එහිදී වැටුප් විෂමතාවට අදාළව ගැටළු සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති නියෝජිතයින් දීර්ඝ ලෙස කරුණු පැහැදිලි කළ බවයි දුම්රිය එන්ජින් රියදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ලබන 29 වන දා මධ්‍යම රාත්‍රියේ සිට වර්ජනයක් ආරම්භ කරන බව වැටුප් කොමිසම සමඟ පැවති සාකච්ඡාවට පෙර දුම්රිය වෘත්තීය සමිති ප්‍රකාශ කළා.
ඊට දුම්රිය නියාමකවරුන්, පාලකවරුන්, ස්ථානාධිපති, රියදුරු ඇතුලු අධික්ෂණ නිළධාරින් එක්වනු ඇති.