Gossips

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවක් අද ආසියානු ක්‍රීඩා උළෙලේ බොක්සිං වළල්ලට

ඉන්දුනීසියාවේ – ජාකර්තා නුවර පැවැත්වෙන 18 වන ආසියානු ක්‍රීඩා උළෙලේදී පදක්කමක් ජයග්‍රහණය කිරීමේ තවත් අවස්ථාවක් ශ්‍රී ලංකාවට අද උදා වනවා.
ඒ කිලෝග්‍රෑම් 57 බර පංතියෙන් ෆෙදර් වේට් කාණ්ඩය යටතේ තරඟ වදින ක්‍රීඩිකා කේෂනී හංසිකා කස්තුරිආරච්චි බොක්සිං වළල්ලට පිවිසීමත් සමඟයි.
ඇය කසක්ස්ථාන ක්‍රීඩිකා සානියා සුල්තානිකිසි සමඟ තරඟ වදිනු ඇති.
ශ්‍රී ලංකා පිරිමි හොකී කණ්ඩායම අද හොංකොං සමඟ තරඟ වදිනවා.
කෙසේ නමුත්, මෙතෙක් පැවති තරඟ වලදී ශ්‍රී ලංකා හොකී පිලට ජපානය සහ කොරියාව වෙතින් දරුණු පරාජයන්ට මුහුණදීමට සිදුවුණා.
මේ වනවිට ආසියානු ක්‍රීඩා උළෙලේ පදක්කම් සටහනේ ඉදිරියෙන් සිටින්නේ රන් පදක්කම් 59 ක් සමඟ පදක්කම් 122 ක් ජයග්‍රහණය කළ චීනයයි.
ජපානය රන් පදක්කම් 26 ක් දිනා දෙවන ස්ථානයේ රැඳී සිටින අතර, කොරියාව රන් පදක්කම් 19 ක් සමඟ තුන් වන ස්ථානයේත්, ඉරානය රන් පදක්කම් 10 ක් සමඟ හතර වන ස්ථානයේත් රැඳී සිටිනවා.