Gossips

සමාගම් කඩිනම් ගෑස් මිල වැඩිවීමක් ඉල්ලයි – සූත්‍රය සති දෙකකින්

ගෑස් මිළ සුත්‍රය ඉදිරි සති දෙක තුළ ක්‍රියාත්මක කිරීම සඳහා තීරණයකට එළඹ තිබෙනවා.
කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශයේ අධ්‍යක්ෂ ඉන්දිකා රණතුංග හිරු ප්‍රවෘත්ති අංශය සිදු කළ විමසීමකදී කියා සිටියේ ඒ සම්බන්ධයෙන් ගෑස් සමාගම් වල නියෝජිතයන් සමඟ ලබන සතියේ විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවයි.
ලෝක වෙළඳපොළේ ගෑස් මිළ ඉහළ යාමත් සමඟ මිළ සංශෝධනයක් සිදු විය යුතු බවට සංවාදයක් ඇති වුයේ මීට සති කිහිපයකට ඉහතදීයි.
ගෑස් සමාගමි විසින් මිළ ඉහළ නැංවිමේ ඉල්ලිම පාරිභෝගික අධිකාරිය වෙත යොමු කර තිබුණා.
කිලෝග්‍රෑම් 12.5 ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිළ රුපියල් 394 ක උපරිම මිළකට යටත්ව මිළ ඉහළ නැංවිය යුතු බවට සහ සෙසු ගෑස් සිලින්ඩර් වල මිළ සුදුසු ප්‍රතිශතයකින් ඉහළ නැංවිම සඳහා මෙලෙස ඉල්ලිම් ඉදිරිපත් වුණා.
මෙවැනි පසුබිමකදීයී මුදල් අමාත්‍යංශය සහ කර්මාන්ත හා වානිජ කටයුතු අමාත්‍යංශය මිළ සුත්‍රයක් කඩිනමින් හඳුන්වා දෙන බව ප්‍රකාශ කළේ.
රුපියල් 158 කින් ගෑස් මිළ ඉහළ දමන බවට පුවත්පත් වාර්තා ද පළ වී තිබුණා.
ජිවන වියදම් කමිටුව නියෝජනය කරන රජයේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයෙකු සඳහන් කළේ සාධාරණ මිළ සංශෝධනයක් සිදු කිරිම සම්බන්ධයෙන් සාකච්ඡා සිදු කරන බවයි.