Gossips

කැඩුණු ජලනලයේ අලුත්වැඩියා කටයුතු තවදුරටත්

බොරැල්ල කාසල් රෝහල ඉදිරිපිට අද අලුයම පුපුරා ගිය ජල නලය අලුත්වැඩියා කටයුතු මේ වනවිට සිදුකරමින් පවතින බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසනවා.
අලූත්වැඩියා කටයුතු සිදුකිරීමත් සමඟ ප්‍රදේශයට ජල සැපයුමට අත්හිටුවීමක් සිදුකර නොමැති බවයි ජල සම්පාදන මණ්ඩලයේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
ජල නලයක් පුපුරා යාම නිසා එම මාර්ගයේ ගමනාගමනයට අද පෙරවරුවේ බාධා එල්ල වීමත් සමඟ බොරැල්ලේ සිට බත්තරමුල්ල සහ පැලවත්ත දක්වා කොළඹ දෙසට ගමන් කරන රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙසටයි පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලීමක් කරනු ලැබුවේ.