ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අද ඉතිහාසයේ අවම අගය වාර්තා කළා.
මහබැංකු විනිමය අනුපාතික වලට අනුව ඩොලරයක් සඳහා විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 162 යි ශත 11 ක් ලෙසයි.
මෙලෙස රුපියලේ අගය අවප්රමාණය වීමට හේතුව ලෙස සැලකෙන්නේ ආනයනකරුවන් වෙතින් ඩොලරය සඳහා පවතින ඉල්ලු ඉහළ යාමයි. මේ වසරේදී මේ දක්වා රුපියලේ අගය සියයට 4 යි දශම 7 කින් අවප්රමාණ වී තිබෙනවා.