Gossips

Update : ගාමිණී සෙනරත් ඇතුළු 4 දෙනාට මහාධිකරණයෙන් ඇප

ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500 ක මුදලක් සාවද්‍ය සාපරාධි ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල වූ හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් සිව් දෙනාට අද ඇප හිමිවුණා.
ඒ ඊට අදාළ නඩුව, ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.
එහිදී සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේ ඔවුන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසයි.
Update : 10.40 am
නඩු ප්‍රමාදවීම් මග හැරවීමේ අරමුණින් පිහිටවනු ලැබූ ප්‍රථම ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ පවරන ලද ප්‍රථම නඩුවට පෙනී සිටීම සදහා හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් මේ වනවිට එම අධිකරණය හමුවට පැමිණ තිබෙනවා.
ඔහු මීට සුළු වේලාවකට පෙර එම අධිකරණ පරිශ්‍රයට පැමිණි බවයි හිරු අධිකරණ වාර්තාකරු සදහන් කළේ.
හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ගාමිණී සෙනරත් ඇතුළු සැකකරුවන් සිව් දෙනෙකුට විශේෂ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස පසුගියදා සිතාසි නිකුත් කලා.
ඒ, ලිට්රෝ ගෑස් සමාගමට අයත් රුපියල් මිලියන 500ක මුදලක් සාවද්‍ය සාපරාධි ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් වන නඩුවට අදාළවයි.