Gossips

වයඹ පළාත් ඇළ දෙවන අදියර ඉදිකිරීම් ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

වයඹ පළාත් ඇල දෙවන අදියර ආරම්භ කිරීම සහ එල්ලංගා පද්ධති සමඟ සබැඳුණු ග්‍රාමීය වැව් 2400 ක් ප්‍රතිසංස්කරණය කිරීමේ මහා මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මීට සුළු වේලාවකට පෙර ආරම්භ වුණා.
ඒ, පොල්පිතිගම – කුඹුකුලාව වැව පරිශ්‍රයේදීයි.
දේශගුණික හා කාලගුණික අවදානමට ඔරොත්තු දිය හැකි පරිදි ශ්‍රී ලංකාවේ ජල කළමනාකරණ පද්ධතිය ශක්තිමත් කිරීම සහ යල – මහ දෙකන්නයේ ගොවි බිම්වලට අවශ්‍ය ජලය ලබාදීම මෙම ව්‍යාපෘතිය මඟින් සිදුවනු ඇති.