Gossips

ප්‍රභාකරන්ගේ මරණය ගැන රාහුල් ගාන්ධි දුක්වෙයි

සිය පියාගේ ඝාතනයට අණ දුන් එල්.ටී.ටී.ඊ නායක වේලූපිල්ලේ ප්‍රභාකරන්ගේ මරණය සම්බන්ධයෙන් තමා සහ තම සොහොයුරිය ප්‍රියංකා සතුටක් නොදක්වන බව ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායක රාහුල් ගාන්ධි පවසනවා.
ජර්මනියේ සංචාරයක නිරත වන රාහුල් ගාන්ධි මේ බව ප්‍රකාශ කර ඇත්තේ හැම්බර්ග් නුවර ගෝලීය පරිපාලනය පිලිබද විද්‍යායතනයකදී දේශනයක් පවත්වමින්.
තම මිත්තණිය වූ ඉන්දිරා ගාන්ධි මෙන්ම, පියා රජිව් ගාන්ධි ප්‍රචන්ඩත්වය තුළින් ඝාතනයට ලක්වීම තම ජීවිත කෙරෙහි දැඩි බලපෑමක් සිදුකළ බවයි ඔහු කියා සිටියේ.
එහෙත්, ඉදිරියට යා හැකි එකම මඟ වන්නේ ප්‍රචන්ඩත්වයට සානුකම්පිත වීමෙන් බව රාහුල් ගාන්ධි වැඩිදුරටත් සදහන් කළා.
එලෙස පසමිතුරන්ට සමාව දීමට නම් සැබවින්ම සිදුවූයේ කුමක් ද සහ ඊට හේතුවූයේ කුමක්ද යන්න වටහා ගත යුතු බව ඉන්දීය කොංග්‍රස් පක්ෂ නායකයා අවධාරණය කළා.
සතුරා කෙතරම් දරුණු පුද්ගලයෙකු වුව ද ඔහුට ප්‍රචන්ඩත්වයෙන් පිළිතුරු දීම අන් අය කෙරෙහි ද බලපෑමක් ඇති කරන බව රාහුල් ගාන්ධිගේ අදහසයි.
එය තවදුරටත් ප්‍රචන්ඩත්වය පැතිරීමට හේතුවිය හැකියි.
එය අහඹු සිදුවීමක් නොව අප ප්‍රචන්ඩත්වයට දක්වන ප්‍රතිචාරය මගින් ඇති වන්නක් බවයි රාහුල් ගාන්ධි කියා සිටියේ.