Gossips

තේ නිෂ්පාදනය පහළට

මෙරට තේ නිෂ්පාදනය පසුගිය ජූලි මාසයේදී පෙර වසරට සාපේක්ෂව සියයට 7 යි දශම 3 කින් පහත වැටී තිබෙනවා. දිවයිනේ පැවති තේ වගාවට අහිතකර කාලගුණ තත්ත්වයන් එලෙස තේ නිෂ්පාදනය අඩාල වීමට හේතුව බව තැරැව්කාර සමාගම්වල අදහසයි.
ජූලි මාසයේදී ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 25 යි දශම 2 ක් අපනයනය කළ අතර, එය ද පසුගිය වසරේ ජුලි මාසයට සාපේක්ෂව සියයට 6 ක පහත වැටීමක්.
එමෙන්ම, මේ වසරේ පළමු මාස හත තුළ ශ්‍රී ලංකාව තේ කිලෝග්‍රෑම් මිලියන 162 යි දශම 7 ක් අපනයනය කළ අතර, එමගින් ලද ආදායම ඩොලර් මිලියන 854 ක් බවයි ශ්‍රී ලංකා තේ මණ්ඩලය ප්‍රකාශ කළේ.