Gossips

මැල්කම් ටර්න්බුල්ට ඕස්ට්‍රේලියානු අගමැති ධුරය අහිමි වෙයි – නව අගමැති ස්කොට් මොරිසන්

ඕස්ට්‍රේලියානු අගමැති මැල්කම් ටර්න්බුල් සිය පක්ෂ නායකත්වයට එල්ල වූ අභියෝගයෙන් පරාජයට පත්වූ නිසා ඔහුට අගමැති ධුරය අහිමි වී තිබෙනවා.
ඒ අනුව, නව අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ ඔහුගේ පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ස්කොට් මොරිසන්ටයි.
පක්ෂය තුළ තමාට පැවති සහයෝගය අහිමි වීම නිසා අග්‍රාමාත්‍ය ටර්න්බුල් නායකත්ව ඡන්දයක් ප්‍රකාශයට පත් කළ අතර, එහිදී ජයග්‍රහණය කර ඇත්තේ ස්කොට් මොරිසන් විසින්.
ඒ අනුව, මැල්කම් ටර්න්බුල් අග්‍රාමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන බවයි ඕස්ට්‍රේලියානු මාධ්‍ය සදහන් කළේ.