Gossips

ජපන් ආරක්ෂක ඇමතිගේ සංචාරය ගැන ඒකාබද්ධ තරුණ පෙරමුණෙන් චෝදනා

ජපාන ආරක්ෂක ඇමතිගේ මෙරට සංචාරය ශ්‍රී ලංකාව ඔවුන්ගේ බල කේන්ද්‍රයක් බවට පත් කිරීමේ සූදානමක පෙරනිමිත්තක් බවට ඒකාබද්ධ විපක්ෂයේ තරුණු පෙරමුණ චෝදනා කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී කංචන විජේසේකර මේ බව කියා සිටියා.
ඒකාබද්ධ විපක්ෂය කොළඹදී ලබන මස 5 වනදා පවත්වන විරෝධතා ව්‍යාපාරය සම්බන්ධයෙන් ද මාධ්‍ය හමුවට එක්ව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ අදහස් පළ කළා.