Gossips

නවසීලන්ත රැකියා පෙන්වා මුදල් වංචා කළ කාන්තාව අත්අඩංගුවට ගත් මෙහෙයුම

හිරු සී.අයි.ඒ. හරහා ඊයේ අප හෙළිකලේ නවසීලන්තයේ විදේශ රැකියා ලබා දෙන බව පවසමින් රුපියල් ලක්ෂ 56 කට ආසන්න මුදලක් වංචා කර මාස 4 ක පමණ කාලයක් සැගව සිටි වයස අවුරුදු 70 ක කාන්තාවක් පිළිබදවයි.
නුවරඑළිය පුඩළු ඔය තරුණ තරුණියන් 16 දෙනෙකුට මෙම වංචාව සිදු කළ කාන්තාව තවත් මුදල් වංචා රැසකට සම්බන්ධව සිට ඇති බවයි හිරු සීගඅයිගඒ කළ විමර්ශනයේදී හෙළිවුයේ.
ඒ පිළිබද තොරතුරු විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ වැටලීම් ඒකකයට ලබාදීමෙන් අනතුරුව මාතලේ බෝමළුව පාරේ පිහිටි වංචනික කාන්තාවගේ නිවස වටලනු ලැබුවා.
එහිදී ප්‍රථමයෙන් අත්අඩංගුවට ගැණුනේ අදාල කාන්තාවගේ සැමියායි.
ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව වංචනික කාන්තාව නිරන්තරයෙන් සැගවී සිටිනා නිවසක් නිලධාරින් පරීක්ෂා කිරීමට ගිය අවස්ථාවේ එම නිවසේ කාන්තාව සුනඛයෙකු රැගෙන විත් නිලධාරීන්ට බාධා එල්ල කළා.