Gossips

අද රාත්‍රී කාලයේදී පළාත් කිහිපයකට ගිගුරුම් සහිත වැසි

අද රාත්‍රී කාලයේදී උතුරුමැද, ඌව, උතුර සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම, නුවරඑළිය දිස්ත්‍රික්කයට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
වැසි සමග එම ප්‍රදේශවලට තාවකාලිකව තද සුළං ද ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
රත්නපුර දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම ඌව සහ නැගෙනහිර පළාත්වලට මිලිමීටර් 50 ක පමණතරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ.