Gossips

අමදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍ර පනත් කෙටුම්පත සම්මත වෙයි

පණ්ඩිත් ඩබ්ලිව්.ඩී.අමරදේවයන්ට කෘතවේදීත්වය පළ කරමින් ස්ථාපිත කෙරෙන අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍ර පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
එය සංශෝධන සහිතව සම්මත වූ අතර, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද අද එම විවාදයට එක්වීම විශේෂත්වයක්.
පණ්ඩිත් අමරදේවයන් ජීවත්ව සිටි කාලයේදී රජයෙන් කළ ඉල්ලීමේ ප්‍රතිඵලයක් ලෙස සහ ඔහුගේ අවමංගල්‍ය උත්සවයේදී ජනාධිපතිවරයා ලබාදුන් පොරොන්දුවක් ඉටු කරමින් අමරදේව සෞන්දර්ය හා පර්යේෂණ කේන්ද්‍රය ඉදිකෙරෙනවා.
ඒ සදහා පසුගිය වසරේ අගෝස්තු 28 වනදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අතින් මුල්ගල් තැබුණු අතර වැය කෙරෙන මුදල රුපියල් මිලියන 250ක්.