වැටුප් ගැටලූව සම්බන්ධයෙන් දුම්රිය වෘත්තීය සමිති සහ ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡා විසදුමකින් තොරව අවසන් වුණා.
එම සාකච්ඡාවට දුම්රිය පාලකවරුන්, ස්ථානාධිපති, රියදුරු ඇතුලූ වෘත්තීය සමිති කිහිපයක සාමාජිකයින් සහභාගි වූ බවයි වාර්තා වන්නේ.
එමෙන්ම, මෙම සාකච්ඡාවට වැටුප් කොමිසමේ සාමාජිකයින් කිහිපදෙනෙකු මෙන්ම, ප්‍රවාහන අමාත්‍යාංශ ලේකම්වරයා ද සහභාගි වී තිබෙනවා.
සාකච්ඡාවෙන් අනතුරුව, දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ විධායක සභාව රැස්වූ අතර, එහිදී තීරණය කර ඇත්තේ මේ සම්බන්ධයෙන් හෙට දිනයේදී තීරණයක් ගැනීමටයි.
ඊට පෙර වැටුප් කොමිසම සමග ඔවුන් යළි සාකච්ඡාවක නිරත වනවා.
මේ අතර, මහනුවර සිට කොළඹ කොටුව දක්වා අද උදෑසන ධාවනය වූ සෙංකඩගල මැණිකේ සීඝ්‍රගාමී දුම්රියේ එන්ජිම, වේයන්ගොඩ සහ ගම්පහ අතර දාරළුව දුම්රිය ස්ථානය ආසන්නයේදී මැදිරිවලින් වෙන් වී තිබෙනවා.
එය යළි මැදිරිවලට සම්බන්ධ කර ඇත්තේ මීටර් 500 ක් පමණ ඉදිරියට ධාවනය වීමෙන් පසුවයි.
මේ අතර, ඊයේ අනුරාධපුර – ශ්රාවස්ථිපුරදී එකම මාර්ගය මුහුණට මුහුණ දුම්රිය දෙකක් ධාවනය වීමේ සිද්ධියක් ද වාර්තා වුණා.
ඒ සම්බන්ධයෙන් මේ වනවිටත් පරීක්ෂණ ක්‍රියාත්මකයි.